fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“සබරගමුව ලස්සනයි” පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතිය ජනපති ප‍්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 10:17

“සබරගමුව ලස්සනයි” පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතිය ජනපති ප‍්‍රධානත්වයෙන්

“සබරගමුව ලස්සනයි” පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතිය අද ආරම්භ කෙරෙනවා. උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පළාත් ශ‍්‍රවණාගාරයේදීයි.

දිළිඳුකම පිටු දැකීම, නිවාස, මාර්ග , සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත‍්‍ර 15ක් මුල්කර ගනිමින් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිමට නියමිතයි. මීට සමගාමීව තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කෙරෙනවා. ඇහැළියගොඩ මුලික රෝහලේ වාට්ටු සංකිර්ණයේ පළමු අදියර ද විවෘත කෙරෙන්නේ ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ දෙදහසක් වැයකර ඉදිකළ පස් මහල් වාට්ටු සංකීර්ණයේ පළමු අදියර යටතේ මහල් තුනක ඉදිකිරිම් අවසන් කර තිබෙනවා. මීට අමතරව භික්ෂු වාට්ටුව සහ එක්ස් කිරණ ඒකකය ද ජනතා අයිතියට පත්කිරිමට නියමිතයි. ඇහැළියගොඩ තලාවිටිය සිරිසමන් විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණ දෙකක් ද ජනාධිපතිතුමන් අතින් සිසු අයිතියට පත්කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්