මඩකලපුව ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී තහනම් ධීවර දැල් 09 ක් සොයා ගෙන තිබෙනවා.
අඩි 150 ක දිගින් යුතු තහනම් දැල් 09 කුයි නාවික හමුදාව සොයා ගෙන තිබෙන්නේ.නැගෙනහිර නාවික විධානයට අයත් භටපිරිස් මෙම වැටලීම සිදු කළා. නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා මෙම තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
මේ අතර හම්බන්තොට සිරිබෝපුර නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැණුනා. මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය හිමිවුණා. අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 860 ක් සහ හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය මිලිගැම් 360 ක් මෙම පුද්ගලයා ලග තිබී සොයා ගැනුණා.