fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම දරුවෙකුටම නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 18:27

සෑම දරුවෙකුටම නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක්

මෙරට සෑම දරුවෙකුටම නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ තමන් අවධානය යොමුකර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට තිස්සමහාරාම කුමාරි සිතුපහන්ගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 227 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 20 කින් සමන්විත කුමාරි සිතුපහන්ගම උදා ගම්මානය සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 216 ක්.

සංචාරක පොඩ්ඩා ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන් 24 දෙනෙකුට රුපියල් ලක්‍ෂ 120 ක් වටිනා බදු රහිත ණය ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණා. දෘෂ්‍යාබාධිත පුද්ගලයින් හැත්තෑ දෙදෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කෙරුණේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්