fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 11:59

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පිරිසකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පත්විම් ලිපි ප්‍රදානය කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා බිංගිරිය ආසන සංවිධායකවරුන් ලෙස ධර්මසිරි දසනායක සහ අතුල විජේසිංහ යන මහත්වරුන් පත් කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස සම්පත් සුසන්ත කැටවලගෙදර මහතා හා පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස නීතිඥ ශාන්ත හේරත් මහතා පත් කර තිබෙනවා. අම්පාර ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියයි.  කල්මුණේ ආසන සංවිධායක ලෙස නීතිඥ යු එම් නිෂාර් මහතා ද,  පොතුවිල් ආසන සංවිධායක ලෙස ඒ එම් අබ්දුල් මජීඩ් මහතා ද,  සමන්තුරේ ආසන සංවිධායක ලෙස ඒ බී ඒ මොහොමඩ් මහතා ද පත් කෙරුණා.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කය සදහා පත් කළ දිස්ත්‍රික් සංවිධායකවරුන් කිහිපදෙනෙකු ද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. එමෙන්ම නැගෙනහිර කොළඹ සංවිධායකවරයෙකු ලෙස ප්‍රදිප් ජයවර්ධන මහතා ද ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස ඉන්දික රාජපක්ෂ මහතාද,  රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කුඩාබණ්ඩාර ඉලුක්පිටිය මහතා ද පත් කර තිබෙනවා. කරන්දෙණිය සම සංවිධායක ලෙස පත් කර ඇත්තේ රම්‍ය ශ්‍රී විජේතුංග මහතායි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස අක්‍රම් හා ජවාහීර් යන මහත්වරුන් ද මඩකලපුව දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස මීනා දර්ශනි සහ සුදර්ශන් යන මහත්ම මහත්මින්ද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 11:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්