fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝ නොවන රෝග ඉහලයාමට හේතුව ඇමති පී හැරිසන් කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 12:11

බෝ නොවන රෝග ඉහලයාමට හේතුව ඇමති පී හැරිසන් කියයි

ලෝකයේ වැඩිම වස විසක්  සහිත එළවළු නිෂ්පාදනය සිදු වන්නේ ශ්‍රී ලංකාවේ බවත් බෝ නොවන රෝග ඉහලයාමට  එය හේතුවන බවත් අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කැකිරාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන් පෝෂණ ඌනතාවෙන් මුදා ගැනීම සදහා සබලකරණය සහිත සහල් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝක ආහාර වැඩපිලිවෙල යටතේයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. සබලකරණය සහිත සහල් නොමිලේ පාසල් වෙත ලබාදී දරුවන්ට ආහාරවේලක් ලබාදීමට මෙහිදී කටයුතු කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්