2018 – 2019 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල වලට සිසුන් තිස් දහස් අටසිය තිස් දෙනෙකු බඳවා ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ජීව විද්‍යා අංශය යටතේ සිසුන් 6992 ක්, භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 5684 දෙනෙක් ද බඳවා ගැනෙනවා. වානිජ විෂය සඳහා බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව 6015 ක්. කලා විෂය ධාරාව යටතේ තවත් සිසුන් 9399 දෙනෙකු ද බඳවා ගැනීමටයි නියමිත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ www.selection.ugc.lk වෙබ්අඩවියට පිවිසීමෙන් පාඨමාලා සඳහා අදාල ඉසෙඩ් ලකුණු දැනගත හැකියි.