fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටක් ලෙස ඉදිරියට යාම සදහා ජනතාවට නිවැරදි ක්‍රමවේදයක් සකස් කර දිය යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 18:24

රටක් ලෙස ඉදිරියට යාම සදහා ජනතාවට නිවැරදි ක්‍රමවේදයක් සකස් කර දිය යුතුයි

රටක් ලෙස ඉදිරියට යාම සදහා ජනතාවට නිවැරදි ක්‍රමවේදයක් සකස් කර දිය යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පොල් වගාකරුවන්ගේ සංගමයේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පොල් වගාව වර්ධනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු වුණා. උතුරු පළාතේ ඉඩම් නිදහස් කර පොල්වගාව වර්ධනය කිරීම සදහා කටයුතු කරන බවත් ඉදිරි වසර වන විට පොල් වගාව වර්ධනය කිරීම සදහා නව ක්‍රමවේදයන් හදුන්වාදීමට කටයුතු කරන බවද වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්