ජාතික යොවුන් ප්‍රතිපත්ති පනත් කෙටුම්පතක්
Related Articles
තරුණ තරුණියන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලබාදීම සදහා ජාතික යොවුන් ප්‍රතිපත්තියක් වෙනුවෙන් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකළ ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන දෙකක් ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. තිස්සමහාරාම, වීරවිල හා ලුනුගම්වෙහෙර නව නගරයේ මෙම මධ්‍යස්ථාන දෙක ඉදිකරනු ලැබුවේ රුපියල් ලක්ෂ දෙදහසක වියදමින්.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.