පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහන උතුරු ප්රදේශයේද ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි උතුරු පළාත් ප්රධාන උත්සවය යාපනයේදී පැවැත්වුණා.
පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහන ක්රියාවට නැංවුණේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. එම වැඩසටහනේ උතුරු පළාත් සමාරම්භක උත්සවය යාපනයේදී පැවැත්වුණා.
ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්රධානත්වයෙන්. යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්රික්වල පාසල් සිසුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්රියාවට නැංවීම සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන හතරක්.