fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරාය නගරයෙන් ඇමෙරිකා ඩොලර් විසිහදහක ආයෝජනයක්

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 12:14

කොළඹ වරාය නගරයෙන් ඇමෙරිකා ඩොලර් විසිහදහක ආයෝජනයක්

කොළඹ වරාය නගරය ඇමෙරිකා ඩොලර් මිලියන විසිදහසක ආයෝජනයක්  බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති තාක්ෂණ විද්‍යාල නවයක හා කාර්මික විද්‍යාල තිහක වෘත්තීය අධ්‍යාපනය සාර්ථිකව නිමකළ සිසුන් 950 කට ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා. තාක්ෂණ හා කාර්මික විදුහල් අධ්‍යක්ෂවරුන්,  විදුහල්පතිවරුන් සහ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්