fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනයේ සමාප්ති දිනය අද

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 10:32

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනයේ සමාප්ති දිනය අද

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ව්‍යවසායකත්ව කලාපයට පැමිණි ණය අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව තුන්දහස ඉක්මවා තිබෙනවා. ඉන්  65% ක් අදාළ ණය ප‍්‍රමාණය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි රජය පෙන්වාදෙන්නේ.

ව්‍යවසායකයන් සඳහා නව ණය යෝජනා ක‍්‍රම 17 ක් කි‍්‍රයාත්මකයි. ඉන් දිරිසවිය ණය යෝජනා ක‍්‍රමයට වැඩි පිරිසක් කැමැත්ත පළකර තිබෙනවා. දිරිසවිය මගින් ඛාණ්ඩ තුනක් යටතේ ණය ලබාදීමයි සැලසුම. ඒ රුපියල් පනස් දහසේ සිට මිලියන 5 දක්වා. කුකුල් මස් නිෂ්පාදනය, සත්ව පාලනය, ස්වයං රැකියාලාභීන් ඉලක්ක කරගනිමින් දිරි සවිය ණය යෝජනා ක‍්‍රමය සමන්විතයි.

ගොවි නවෝදා ජය ඉසුර, හෝම් ස්වීට් හෝම් ණය යෝජනා ක‍්‍රමය ලබාගැනීම සඳහා ද වැඩි පිරිසක් පැමිණියා. ප‍්‍රදර්ශනයේ අද (27) අවසන් දිනයයි. ඊයේ(26) දිනයේත් ප‍්‍රදර්ශනය නැරඹිමට විශාල පිරිසක් පැමිණි බවයි එහි සිටින අප නියෝජිත මධුෂංක මහමිතව ප‍්‍රකාශ කළේ.

අද(27) රාතී‍්‍ර සොබාවිත සංගීත ප‍්‍රසංගයක් සහ ෆීට් බැක් සංගීත කණ්ඩායම සහභාගී වන සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙනවා. රූකාන්ත ගුණතිලක, දයාරත්න පෙරේරා, නිරෝෂා විරාජිණි. නාමල් උඩුගම ඇතුලු ගායක ගායිකාවන් රැසක් ඊට සහභාගීවීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්