කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා. ඒ ගල්කිස්ස පොලිස් වසමේ ශාන්ත රීටා මාර්ගයේ දියි.
ගල්කිස්ස පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන නිලධාරින් කාර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබි කේරළ ගංජා කිලෝ ග්රැම් 19කට ආසන්න ප්රමාණයක් සොයා ගැනුණා. 24 හැවිරිදි සැකකරු හෝමාගම පිටිපන ප්රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.