ශ්‍රී ලංකා මාතාව ලෝක ක්‍රිකට් පිටියට දායද කළ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩා පිටියේදී අද පැවැත්වෙන එක්දින තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා.
සිමිත පන්දුවාර ක්‍රිකට් පිටියේ යෝකර් රජු ලෙස හැඳින්වෙන ලසිත් මාලිංග 2004 වසරේදී දඹුල්ලේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිව එක්දින වරම් ලැබුවා. මේ වන විට ඔහු එක්දින තරග 225කදී කඩලු 335ක් දවා ගැනිමට සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ හැරවුම් ලක්ෂය වුයේ 2007 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමඟින් පැවති තරගයයි. ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 210ක පහසු ඉලක්කයක් හඹා ගිය දකුනු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 44ක් අවසානයේ කඩුලු 05ක් දැවි ලකුණු 206ක් ලබා එම ඉලක්කය කරා පහසුවෙන් ගමන් කරමින් සිටියා. තරගයේ 45 වන පන්දුවාරය යැවිමට නායක මහේල ජයවර්ධන පන්දුව මාලිංග වෙත ලබා දෙන්නේ ඔහු පිළිබඳව ඇති දැඩි විශ්වාසයෙනි. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහල නංවමින් එම පන්දුවාරයේ 45වන පන්දුවාරයේ පස්වෙනි සහ හය වන පන්දුවලින් කඩුලු 02ක් දවාගෙන දකුණු අප්‍රිකා ඉනිම අසරණ තත්ත්වයකට පත් කළා. අනතුරුව 47වන පන්දුවාරයේ පළමු පන්දු දෙකටම කඩුලු 02ක් දවා ගැනිමට මාලිංග සමත් වුයේ එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ පන්දු හතරක් තුළ කඩුලු 04ක් දවා ගත් පළමු ක්‍රිඩකයා බවට පත් වෙමින්.
ඔහු පැයට කිලෝ මීටර් 140 ත් 150 ත් වන අතර සමාන්‍ය වේගයකින් එල්ල කරන යෝකර් පන්දු හේතුවෙන් පිතිකරුවන් අසරණ තත්ත්වයට පත් කළා. 2010 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහි නවවන කඩුල්ලට ගොඩනැගු ලකුණු 132ක සම්බන්ධතාව ලෝක ක්‍රිකට් පිටියේ නවවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු ඉහළතම සම්බන්ධතාවයි. ඔහු දසවන පිතිකරු ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස් කළ ලකුණු 56 එක්දින ක්‍රිකට් පිටියේ 10 වන ස්ථානයේ පිතකරුවෙකු රැස් කළ සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා. ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු ත්‍රිත්ව දෙකක් දවාගත් එකම පන්දු යවන්නා ලසිත් මාලිංගයි. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභින් අතර තුන්වන ස්ථානය සහ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ඉනිම සංඛ්‍යාවකදී කඩුලු 50ක් සම්පුර්ණ කිරිමෙන් ක්‍රිකට් පිටිය තුළ වාර්තා පිහිටුවීමට ලසිත් මාලිංග සමත් වුණා. මෙවන් කුසලතා පුර්ණ ක්‍රිඩකයෙකු වන ලසිත් මාලිංගයන් පිටියෙන් සමුගන්නා අද දින ඔහුට අවසන් තරගය නරඹා සුබ පත්තනට ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයට එක්රොක් වන්නැයි ITN අපද ක්‍රිකට් ක්‍රිකට් ලෝලින්ගෙන් ඉල්ලා සිටිනවා.