මෙවර ඕස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දින ප්‍රමාණය අවම කිරිමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
තරගාවලිය පැවැත්වෙන දින ගණන සති දෙකකින් අඩු කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. මීට පෙර දින 54ක් පුරා තරගාවලිය පැවැත්වුණා. කෙසේ වෙතත් මෙවර තරග වාරයේ දී එය දින 42ක් පැවැත්විමටයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. ප්‍රේක්ෂකයින්ගෙන් තරග විකාශන හිමිකරුවන්ගෙන් සහ ක්‍රිඩකයින්ගෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන පියවර ගෙන තිබෙනවා.