බ්‍රිතාන්‍යයේ නව අගමැති පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පලමුවරට අමතයි
Related Articles
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජොන්සන් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පලමුවරට ඇමතුවා. බ්‍රිතාන්‍යයට ස්වර්ණමය යුගයක් උදාකරන බවයි ඔහු කියා සිටියේ. මේ අතර ඔහු අලුත් කැබිනට් මණ්ඩලය ද පළමුවරට මුණගැසුනා.
කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් අමතමින් නව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ඉදිරියේදී භාරදූර කාර්යයක් ඉටු කිරීමේ වගකීම සිය ආණ්ඩුවට පැවරී ඇති බවයි. ඔක්තෝබර් මස 31 වනදා යුරෝපා සංගමයෙන් මහා බ්‍රිතාන්‍ය ඉවත්කර ගැනීම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවට ද ඔහු සහතික වුණා. කැබිනට් මණ්ඩලය තුළ තීරණාත්මක වගකීම් රැසක් පැවරීමේ දී බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් වෙත ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. තෙරේසා මේ හිටපු අග්‍රාමාත්‍යවරියගේ කැබිනට්ටුවේ සාමාජිකයින්ගෙන් අඩකට වැඩි පිරිසක් අලුත් කැබිනට්ටුවට ඇතුළත් වන්නේ නැහැ. මහා බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් 31 දෙනෙකු ඇතුළත්. ප්‍රීති පටෙල් වෙත ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඩොම්නික් රාබ් වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය පැවරීම විශේෂත්වයක්. කන්සවේටිව් පක්ෂ නායකත්වය සදහා පැවති තරගයේදී සිය ප්‍රතිවාදියා වූ ජෙරමි හන්ට් හට කිසිදු කැබිනට් අසුනක් ලබානොදීම කැපී පෙනෙන සිද්ධියක්. තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ තුන්වරක් පරාජය වීමෙන් පසු නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට බ්‍රේක්සිට් ගිවිසුමක් ඇතිකර ගැනීමේ දී බරපතල අභියෝග රැසක් පවතින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.