fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිපතිවරයාගෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2019 17:14

නීතිපතිවරයාගෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක්

මෙරටට ගෙන්වා ඇති අප ද්‍රව්‍ය සහ කැළි කසල කන්ටේනර් පරිසරයට මුදා නොහැර ලබන සඳුදා දක්වා ඒ ආකාරයෙන්ම පැවතීමට ඉඩහරින බවට නීතිපතිවරයා අභියාචනාධිකරණයට පොරොන්දු වුණා.

කොළඹ වරාය සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ මෙම අපද්‍රව්‍ය කන්ටේනර් රඳවා තිබෙනවා. ඒ මෙම කැළි කසල ආනයනය කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස  නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේයි. එම පෙත්සම ද ලබන සඳුදා සලකා බැලීමට දින නියම කළා. පරිසර යුක්ති කේන්ද්‍රයයි පෙත්සම ගොනු  එක්සත් රාජධානියේ සිට ආනයනය කරන ලද රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කැලිකසල අඩංගු බහාලුම් සිය ගණනක් මෙලෙස ගබඩා කර ඇති බවත් ඉන් පරිසරයට ඉතා අයහපත් බලපෑම් සිදුවිය හැකි බවත් පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2019 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්