fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සඟරුවන ගැන රංජන්ගේ ප්‍රකාශ විමර්ශනයට අගමැතිගෙන් කමිටුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2019 17:19

සඟරුවන ගැන රංජන්ගේ ප්‍රකාශ විමර්ශනයට අගමැතිගෙන් කමිටුවක්

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මහා සංඝරත්නය විෂයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහු පළකර ඇති වීඩියෝ පිළිබද විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණයකර තිබෙනවා.

අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන්කරන්නේ.

රංජිත් මද්දුම බණ්ඩාර සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබද විධිමත් විමර්ශනයක් සිදුකර ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අගමැතිවරයා වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇති.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2019 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්