පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව අද (25) පෙරවරුවේ යළි රැස්වනවා.
විශ්‍රාමික මේජර් ජනරාල් ලාල් පෙරේරා, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම් ආර් ලතීෆ්, ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක සහ හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් සහ බොදුබල සේනා සංවිධානයේ ඩිලන්ත විතානගේ ද සාක්ෂි විමසීම සඳහා අද (25) කැඳවා ඇති බවයි කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ.