fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබපැතුම්

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 16:21

බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබපැතුම්

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ බෝරිස් ජොන්සන් මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබපැතුම් පිරිනැමුවා. ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමිනුයි මෙසේ සුබපැතුම් එක් කළේ.

බොරිස් ජොන්සන් මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම බ්‍රිතාන්‍ය හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවතින සබදතාවන්වල වැදගත් සන්ධිස්ථානයක් බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග පවත්නා සබදතා වර්ධනය කිරීම තුළින් බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවද ඉහල යනවා. ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර ඇත්තේ විශේෂ මිත්‍රත්වයක් බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා.  ලද පළමු අවස්ථාවේදීම බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා හමුවීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සිය සුබපැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 16:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්