fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටවල් රැසකට නිදහස් වීසා

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 11:35

රටවල් රැසකට නිදහස් වීසා

මෙරට නිදහස් වීසා ලබාදුන් රටවල් අතරට චීනය හා ඉන්දියාව ද ඇතුළත් කළ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

මේ අතර මීට පෙර නිදහස් වීසා බලපත්‍ර නිකුත් කළ රටවලට අමතරව ඩෙන්මාර්කය,  ස්වීඩනය,  නෝර්වේ,  ෆින්ලන්තය , අයිස්ලන්තය,  පිලිපීනය,  රුසියාව සහ එංගලන්තය යන රටවල් ද ඊට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

චීන මාධ්‍යවේදීන් ඇතුළු සංචාරකයින් පිරිසක් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. චීන මාධ්‍යවේදීන් 28 දෙනෙකු මේ සදහා එක්ව සිටියා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ආරාධනයකට අනුවයි මෙම සංචාරකයින් පිරිස පැමිණ ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්