fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජේම්ස් ඇන්ඩර්සන්ට අයර්ලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමිවෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 10:34

ජේම්ස් ඇන්ඩර්සන්ට අයර්ලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමිවෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රිඩක ජේම්ස් ඇන්ඩර්සන්ට අයර්ලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා. ඒ ඔහු පාදයේ අබාධයට ලක්වීම හේතුවෙන්.

ඇන්ඩර්සන් මෙම අබාධයට ලක්ව ඇත්තේ ලැන්කර්ෂයාර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කළ ප්‍රාන්ත තරගයේදීයි. කෙසේ වෙතත් ඔහු අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා වන සංචිතයට නම් කෙරුණා. ඔහු සම්පුර්ණ සුවය නොලැබීම හේතුවෙන් මේ වන විට තීරණය කර ඇත්තේ එළඹෙන අලුබදුන ටෙස්ට් තරගය ඉලක්ක කරගනිමින් ජේම්ස් ඇන්ඩර්සන්ට තවදුරටත් විවේක ලබා දීමටයි. එංගලන්ත සහ අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද ලෝඩ්ස් ක්‍රිඩාංගනයේදී ආරම්භ වනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන පළමුවනදා ආරම්භ වනු ඇති.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 10:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්