fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීඩි කොළ කිලෝග්‍රෑම් 717 ක් තලෙයිමන්නාරම මුහුදු තීරයේදී සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 10:00

බීඩි කොළ කිලෝග්‍රෑම් 717 ක් තලෙයිමන්නාරම මුහුදු තීරයේදී සොයා ගැනේ

බීඩි කොළ කිලෝග්‍රෑම් 717 ක් තලෙයිමන්නාරම මුහුදු තීරයේදී සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.

තලෙයිමන්නාරම වැලිපර ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී මෙම බීඩි කොළ තොගය සොයා ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. පාර්සල් 13 ක අඩංගුව තිබූ මෙම බීඩි කොළ තොගය මුහුදේ පාවෙමින් තිබියදී මෙසේ සොයා ගැනුණු අතර ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දී තිබෙනවා. ජාවාරම්කරුවන් නීතිවිරෝධීව මෙරටට බීඩි කොළ රැගෙන ඒම වළක්වාලීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි නාවික හමුදා මූලස්ථානය සදහන් කළේ. මෙම වසරේදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් විසිහතර දහස් පන්සියයක් අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාවට හැකිව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්