කිරෙන් සපිරි දැයක් ජනපති අරඹයි
Related Articles
කිරිපිටි ආනයනයට හා කිරිවලට අදාළ අනෙකුත් ආහාර සඳහා වාර්ෂිකව වැය වන රුපියල් කෝටි දස දහසකට අධික අති විශාල මුදල රටට ඉතිරි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
කිරෙන් සපිරි දැයක්, පාසල් සිසුන්ට දියර කිරි වේලක් ලබා දීමේ ජාතික වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියාසිටියා.
රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදීයි උත්සවය පැවැත්වුණේ. වසර 2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම අපේක්ෂාවයි. මේ අනුව ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. පළමු වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන දරු දැරියන් ලක්ෂ 4 කට දිනකට කිරි මිලිලීටර 150ක් ලබා දීම මේ අනුව සිදුවනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව මෙය ක්‍රියාත්මකයි. ඉවතලන කිරිපැකට් වෙනුවෙන් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නිරෝගිමත් හා බුද්ධිමත් ජාතියක් රටක ජයග්‍රහණය බවයි.