fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරයට බොරිස් ජොන්සන් තෝරාගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 17:58

බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරයට බොරිස් ජොන්සන් තෝරාගැනේ

බ්‍රිතාන්‍ය කන්සවේටිව් පක්ෂ නායකත්වයට බොරිස් ජොන්සන් තෝරාපත්කරගෙන තිබෙනවා. ඒ ඔහු සමඟ තරග කළ විදේශ ලේකම් ජෙරම් හන්ට් පරාජය කරමින්. පක්ෂ නායකත්වයට තෝරාගැනීම වෙනුවෙන් කන්සවේටිව් පක්ෂ සාමාජිකයන් එක්ලක්ෂ හැට දහසක පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා සිටියා.

ඉන් ඡන්ද අනු දෙදහස් එකසිය පනස් තුනක් හිමිකරගැනීමට බොරිස් ජොන්සන් සමත්වුණා. ඒ සමග කන්සවේටිව් පක්ෂ නායක බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය  අග‍්‍රාමාත්‍ය ධුරයටද පත්වීමට නියමිත බවයි බී බී සී ප‍්‍රවෘත්ති සේවය සදහන් කළේ.

ලන්ඩන් නුවර හිටපු නගරාධිපතිවරයෙකු වූ බොරිස් ජොන්සන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ධුරයෙන් නික්මයාමට නියමිත තෙරේසා මේ ද සුබපැතුම් එක්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්