බදුල්ල දිස්ති‍්‍රක්කයට බලපෑ තද සුළං තත්වයකින් නිවාස 316 කට හානි සිදුව තිබෙනවා.
හල්දුම්මුල්ල, වැලිමඩ, ඌව පරණගම, මහියංගනය, කන්දකැටිය, රිදීමාලියද්ද සහ ලුණුගල ප්‍රදේශ වලට බලපෑම් එල්ලවී ඇති බවයි බදුල්ල දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
පුද්ගලයන් 1100 ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට සහන සැලසීමේ කටයුතු මේ වනවිට කි‍්‍රයාත්මක බවයි බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සඳහන් කරන්නේ.