fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කල්පිටිය කන්දකුලිය මෝයකට නවීකරණය කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 15:32

කල්පිටිය කන්දකුලිය මෝයකට නවීකරණය කෙරේ

කල්පිටිය කන්දකුලිය මෝයකට නවීකරණය කෙරෙනවා.  ධීවර පවුල් දහසකට පමණ තම  ජීවනෝපාය ගැටළුවකින් තොරව පවත්වාගෙන යාමට පහසුකම් සැළසෙනවා.

පුත්තලම කල්පිටිය කන්දකුලිය මෝයකට වැලිපරවලින් වැසී යාම හේතුවෙන් ධීවර කටයුතුවලට බාධා එල්ල වී තිබුණා. සම්ප්‍රදායිකව ධීවර කටයුතුවල නිරතවන්නන්ට දැඩි බලපෑම් එල්ලවීම හේතුවෙන් ද ගැටළු රැසක් ඇති වුණා. මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් කන්දකුලිය මෝය කට නවීකරණයට පියවර ගැනුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්. ව්‍යාපෘතිය සදහා රුපියල් ලක්ෂ 03 කට වැඩි මුදලක් වැය කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්