fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයෙක් ළගදීම පාසල් දරුවන්ට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:27

වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයෙක් ළගදීම පාසල් දරුවන්ට

වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයෙකු ළගදීම පාසල් දරුවන්ට ලබාදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල නාපොකුණ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. එම විදුහලේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු කෙරුණා. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේයි එය ඉදිකෙරුණේ. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ පාසල් දරුවන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධ යෝජනාව එකොළොස් වරක්ම කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි. අවසානයේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය මත ලබන මාසයේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්