fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයින් මුහුදු සීමාවේ රැඳීසිටි බහුදින ධීවර යාත‍්‍රා 20ක් අද දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:12

මාලදිවයින් මුහුදු සීමාවේ රැඳීසිටි බහුදින ධීවර යාත‍්‍රා 20ක් අද දිවයිනට

බහුදින ධීවර යාත‍්‍රා සඳහා අද (23) සිට ධීවර කටයුතු සඳහා පිටත්වීමට අවස්ථාව ලබාදී ඇති බව ධීවර අමාත්‍යාංශ අධ්‍යක්ෂ හසිත තිසේරා මහතා ප‍්‍රකාශ කළා.

සුළගේ වේගය ඉහළ යාම හේතුවෙන් ධීවරයන්ට හා නාවිකයන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.

මාලදිවයින් මුහුදු සීමාවේ රැඳීසිටි බහුදින ධීවර යාත‍්‍රා 20 ක් පමණ අද (23) දිවයිනට ළඟාවන බවයි හසිත තිසේරා මහතා පවසන්නේ.

අද (23) සිට සුළගේ වේගය අඩුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්