ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට ඇප දීමේ නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොණු කළ ප්රතිශෝධන පෙත්සම අගෝස්තු පළමුවනදා සළකා බැලීමට කොළඹ මහාධිකරණය අද දින ලබා දුන්නා.
මෙම දෙදෙනා ඇප මත මුදා හැරීමට පසුගියදා නියෝග කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි. ඊට එරෙහිවයි නීතිපතිවරයා ප්‍රති ශෝධන පෙත්සමක් පෙත්සමක් ගොණු කර ඇත්තේ. වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සඳහා නඩුව අද දින කැදවුවා. එහෙත් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන අය මහාධිකරණයේ අද පෙනී සිටි බැවින් ඔවුන් නොතීසි ලැබූ අය ලෙසට සළකන බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා. මෙම ප්‍රති ශෝධන පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගයට විරෝධතා ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයාගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සහ ඉන් ජීවිත හා දේපල හානි වළක්වා ගැනීමට කටයුතු නොකරමින් අපරික්ෂාකාරීව රාජකාරි යුතුකම් පැහැරහැරීම මෙම දෙදෙනාට එරෙහි චෝදනාවයි.