උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්රවේශපත්ර ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පාසල් අයදුම්කරුවන්ගේ ප්රවේශපත්ර මේ වනවිටත් යොමුකර තිබෙනවා. උසස් පෙළ විභාගය ආරම්භ වන්නේ ලබන මස 5 වෙනිදා. 31 වෙනිදා දක්වා එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.