ආගමන විගමන කොන්දේසි උල්ලංගනය කළ විදේශිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
27 හැවිරිදි ඉන්දීය ජාතිකයා මහනුවර පොලිස් වසමේ දොඩම්වල හංදිය ප්‍රදේශයේ සිටියදී පොලිස් භාරයට පත්වුණා. මහනුවර සංචාරක පොලීසියයි විමර්ශන සිදුකරන්නේ. ඔහුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.