මැලේරියා රෝග වාහක මදුරුවන්ගේ පැතිරයාම අග්නිදිග ආසියාව තුළ වේගවත් වී ඇති බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය සහ තායිලන්ත පර්යේෂකයින් පිරිසකුයි මෙම පර්යේෂණය සිදු කළේ.
එහිදී හෙලිවී ඇත්තේ මැලේරියා පරපෝෂිතයින් කාම්බෝජයේ සිට ලාඕසයටත්, ලාඕසයේ සිට වියට්නාමයටත් සංක්‍රමණය වී ඇති බවයි. මැලේරියාව සඳහා ඖෂධ ලබා නොගන්නා පිරිසට මෙය ඉක්මනින් වැළඳීමේ හැකියාව පවතිනවා. පර්යේෂකයින් පවසන්නේ මෙය අප්‍රිකාව දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.