ආවා කල්ලියේ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට
Related Articles
මනිප්පායි සිද්ධියට සම්බන්ධ ආවා කල්ලියේ සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
ඉනුවිල් ප්රදේශයේදී නිවාස කිහිපයකට පහර දීම සදහා තියුණු ආයුධ අතැතිව පැමිණි ආවා කල්ලියේ පිරිසක් සහ පොලීසිය අතර පසුගියදා ගැටුමක් ඇතිවුණා. පොලීස් නිලධාරියකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කළ සැකකරුවකු එහිදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා. සෙසු සැකකරුවන් පලා ගිය අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්රියාත්මක කෙරුණා. ඒ අනුවයි ඊයේ දිනයේදී මෙම සැකකරුවන් තුන් දෙනා අත්අඩංගුවට ගැනුණේ. සැකකරුවන් මල්ලාකම් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
.