මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමේ කැපවීම අත්නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ අද පෙරවරුවේ පැවති උත්සවයක් අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. යහපත් සමාජයක් ගොඩනැගීමේදී ප්රමුඛ ඉලක්කය වන්නේ අධ්‍යාපනය බව ද ජනාධිපතිතුමා කියාසිටියා. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් සමස්ත දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත වී තිබෙනවා. පසුගිය වසර හතරක කාලය තුළදී විවිධ අභියෝග හමුවේ වුව ද නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩ කොටසක් ඉටු කළ බව ද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Mmcn35MXQsw&feature=youtu.be&fbclid=IwAR1cn9FVpi4WkSiK244XlerxATkL_-Gc6qJuUoTjqonQMQqQe_SehXQPGQM”]
විද්‍යාලයේ ඉදිකළ නව විජය මෛත්‍රී නාහිමි සමරු ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ ග්‍රන්ථයේ සමරු සටහනක් ද තැබුවා. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන්වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=pfjztWpYCw8&feature=youtu.be&fbclid=IwAR3GrXbheUCLRRzh6luOPk2hfjgGuKEvD2GuhGnIprISPz0cJ4F-jxt6cNM”]