fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභා සභාපති ඇප මත මුදා හැරේ

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 18:14

බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභා සභාපති ඇප මත මුදා හැරේ

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා ඇප මත මුදා හැරුනා.

ඒ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. බෙලිඅත්ත ප්‍රාදේශීය සභා කාර්යාලය තුලදී පසුගිය 18 වනදා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී සරත් ලොකුකුරුගේ මහතාට පහර දුන් බවටයි සභාපතිවරයාට චෝදනා එල්ල වුණේ. පහර කෑමට ලක් වූ හිටපු මන්ත්‍රීවරයා තංගල්ල මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්