fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 15:25

කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අයට එරෙහි නඩුව සැප්තැම්බර් 9 වන දින විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරාදීමට අනුමැතිය ලබා දීම වෙනුවෙන් ඉන්දීය සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබා ගැනීම  විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන ඉන්දීය ජාතික කේ නාගරාජා නමැත්තාට මීළග නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටීමට විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 15:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo