පැරණි මනාප ක්‍රමයට හෝ අලුත් කොට්ඨාස ක්‍රමයට හෝ කුමන අයුරකින්වත් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව නීති විශාරදයන්ගේ මතය වි තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු හැකියාවක් නැතැයි ද පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන්න පක්ෂයේ මතය වි තිබේන බවයි මහලේකම්වරයා සදහන් කළේ.
සීමානිර්ණ වාර්තාව ගැසට් පත්‍රයේ පළ කරන්නේ නම් හෝ පැරැණි ඡන්ද ක්‍රමය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදුනහොත් හෝ ඔක්තෝබර් 15 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශයක් කර තිබුනා.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එජාප මහලේකම්වරයා මේ බව කියා සිටියා. රටේ හටගෙන ඇති දේශපාලන ව්‍යාකූලත්වය අවසන් කිරීමට නම් විධායක බලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් පෙන්වාදුන් මහලේකම්වරයා පළාත් සභා මැතිවරණයක් ගැන කතා කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවද මහලේකම්වරය වැඩිදුරටත් අවධාරණය කලා.