පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් විශේෂ දේව පූජාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එක්වුණා.
කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන ක්‍රිස්තුස් වහන්සේගේ ආසන දෙව්මැදුරේදීයී එම දේව මෙහෙය පැවැත්වුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද මෙම විශේෂ පූජාවට එක්ව සිටියා. ලංකා සභාවේ අගරදගුරු හා කොළඹ දියෝකීසියේ රදගුරු අතිඋතුම් ඩිලෝරාජ් කනගසබේ හිමිපානණ් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි දේව මෙහෙය පැවැත්වුණේ. අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.