fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අනුරාධපුර ප්‍රදර්ශනය ජූලි 24 දා ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 13:15

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අනුරාධපුර ප්‍රදර්ශනය ජූලි 24 දා ඇරඹේ

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” අනුරාධපුර ප්‍රදර්ශනය සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

දිස්ත්‍රික් මහදිසාපති ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ,කලාප 12 ක් යටතේ ප්‍රදර්ශන කුටි 400 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශන භූමියේ දී ජනතාවට දැක ගැනීමට හැකිවන බවයි.

ව්‍යවසායකයින් ලක්ෂයක් සොයා යන එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා දැවැන්ත මෙහෙයුමේ අනුරාධපුර අදියර ලබන 24 වනදා සිට 27 වනදා දක්වා අනුරාධපුර වලිසිංහ හැරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

දියුණුවේ පුරෝගාමී පුරවරයට සංවර්ධන සංග්‍රාමය පැමිණෙන මේ අවස්ථාව නැරඹීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ජනතාවට අවස්ථාව උදාවේ. 2019 ජූලි මස 24 වන දින සවස 4.00 ට ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

ජූලි 27 වනදා දක්වා සෑම දිනයකම උදෑසන 9.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ප්‍රදර්ශන භූමිය විවෘතව පවතී.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 13:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්