අයථා ආකාරයට දේපල උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
ඒ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ප්රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද(22) කැඳවූ අවස්ථාවේ. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට නම්කර ඇති අනෙකුත් වගඋත්තරකරුවන් පිළිබද උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඇතැම් වගඋත්තකරුවන්ට නොතීසි ලැබී නොමැති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) යළි ඔවුන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.