සංචාරකයින් සඳහා රටේ සියලුම වන උද්‍යානවල ආරක්ෂාව තහවුරු කර ඇතැයි සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පැවසීය.
ඉකුත් 20 දා උඩවලව ජාතික වන උද්‍යානයේ සංචාරය කරමින් තිබූ විදෙස් සංචාරකයින් රැගත් ජීප් රථයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අද (22) මේ බව පැවසීය.
වැඩිදුරටත් අඳහස් දැක් වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,මෙම වන උද්‍යාන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර මෙම වෙඩි තැබිම සිදු කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂ අංශ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති බව කීය. මෙවැනි සිදුවිම් මින් ඉදිරිදියට සිදු නොවීමට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.