fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට සාගර සම්පත් නීරීක්ෂණය හා ආරක්ෂා කිරීම පිළිබඳ වැඩි අවධානයක්

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 13:16

මෙරට සාගර සම්පත් නීරීක්ෂණය හා ආරක්ෂා කිරීම පිළිබඳ වැඩි අවධානයක්

මෙරට සාගර සම්පත් නීරීක්ෂණය හා ආරක්ෂා කිරීම පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පවසනවා.

ගුවන් හමුදාපතිවරයා මෙම අදහස් පළකළේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි. අස්ගිරි මහා විහාරයට ගිය සුමංගල ඩයස් මහතා අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැදුටුවා. අනතුරුව මල්වතු මහ විහාරයේදී එම පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත්තා. ගුවන් යානා සහ දැනට පවතින උපකරණ ද වැඩිදියුණු කිරීම ද තම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අංගයක් බවයි ගුවන් හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්