පසුගිය යළ කන්නයේ වගා හානි වෙනුවෙන් රුපියල් කෝටි 55 ක් වෙන් කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. වන්දි ප්රදානය ලබන දෙවනදා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි ඒ මහතා පවසන්නේ.
අමාත්‍ය පී හැරිසන් මහතා මෙම අදහස් පළකලේ නුවරවැව, බසවක්කුලම වැව, තිසා වැව හා හාල්පාත ඇල සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරමිනුයි. දියවර නෑයෝ වැඩසටහන යටතේයි මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 400ක් පමණ වනවා. දියවර නෑයෝ වැඩසටහන යටතේ අනුරාධපු දිස්ත්‍රික්කයේ පමණක් කෘෂි මාර්ග කිලෝමීටර් 4000ක් සංවර්ධනය කිරීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/vvT2Y91fhN0″]