ඉන්දියාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම අද යළි ක්‍රියාත්මක වනවා.
අද පස්වරු 2.43ට ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයෙන් මෙම යානය පිටත් වීමට නියමිතයි. සඳ මතුපිට ජලය පවතී ද යන්න සහ සදෙහි ඇතිවන කම්පන පිළිබඳ අධ්‍යයනය මෙහෙයුමේ අරමුණයි. පසුගිය 15 වනදා යානය අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබුණත් එය නතර කිරීමට සිදුවුණේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සදමතට යානයක් සාර්ථකව ගොඩබැස්සවූ හතරවන රට බවට ඉන්දියාව පත් වනු ඇති.