222 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. නුවරඑළිය හඟුරන්කෙත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකර ඇති එය ජයලත්ගම ආදර්ශ ගම්මානය ලෙසයි නම්කර තිබෙන්නේ.
නිවාස ඒකක 50 කින් සමන්විතව නව ආදර්ශ ගම්මානය ඉදිකර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප්රකාශ කළා.ප්රතිලාභී පවුල් සඳහා විසිරි ණය ආධාර ලබාදීම ද ඊට සමගාමීව සිදුකෙරෙනවා.