fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ රචනා කළ ”සැලියුට් එක” කෘතිය එළිදැක්වේ

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:55

ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ රචනා කළ ”සැලියුට් එක” කෘතිය එළිදැක්වේ

LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ අත්දැකීම් පාදක කරගෙන ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ රචනා කළ සැලියුට් එක කෘතිය එළිදැක්වුණා. නොමැරෙන මිනිසුන්ගේ යුගයක කතාව දැක්වෙන කෘතියේ අරමුණ රණවිරුවන්ගේ වීරත්වය සමාජ ගත කිරීමයි.

ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ රචනා කළ සැලියුට් එක කෘතිය එළිදැක්වීමේ උත්සවය බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. මව්බිම එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් නිදහස් කිරීමේ මානුෂීය සටනේ ආරම්භයේ සිට වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමේ අවසන් මෙහෙයුම දක්වා යුද බිමේ සිට ලැබූ අත්දැකීම් පාදක කර ගනිමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා. කෘතියේ පළමු පිටපත යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ කෝප්‍රල් කරුණාරත්න රණවිරුවා වෙත පිළිගැන්වුණා. දෙවන පිටපත වෙන් කෙරුණේ මව්බිම වෙනුවෙන් දිවිදුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවාගේ දියණියටයි. මානුෂීය මෙහෙයුමේදී තම රට වෙනුවෙන් මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් සිටියදී තුවාල ලැබූ ITN මාධ්‍යවේදී සුරංග බස්නායක වෙත කෘතියේ 3 වන පිටපත පිළිගැන්වුණා.  විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා හා ආරක්‍ෂක අංශ ප්‍රධානීන් රැසක් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:55

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්