fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:11

පකිස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වෙයි

පකිස්ථානයේදි එල්ලවූ ප‍්‍රහාරයකින් පුද්ගලයන් 08 දෙනෙක් මියගියා. තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. අවස්ථා දෙකකදි ප‍්‍රහාර එල්ලවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

ඒ වයඹදිග පකිස්ථානයේ නාගරික ප‍්‍රදේශයකදි. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් පොලිස් නිලධාරින් දෙදෙනෙක් මියගියා. ඉන්පසුව කාන්තාවක් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් සිවිල් වැසියන් හතර දෙනෙකු ද මියගොස් තිබෙනවා.

තෙරික් ඊ තලෙයිබාන් සංවිධානය එහි වගකීම භාරගත්තා. පොලීසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ ක ර ඇති බවයි පකිස්ථාන රජය සදහන් කළේ. ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයකින්ට කිසිදු සමාවක් නොදෙන බවයි ඔවුන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්