පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට මාස 3 ක් සපිරෙනවා. එම ප්‍රහාරයෙන් විනාශයට පත් කටුවාපිටිය දේවස්ථානය පිළිසකර කර යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කිරීම අද සිදුකෙරුණා. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහි කරමින් රට පුරා විවිධ පිංකම් පැවැත්වුණා.
පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය පිළිසකර කිරීමෙන් පසු අද විවෘත කෙරුණා. ඒ වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාව පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=vxDbnBq_LhM&feature=youtu.be&fbclid=IwAR2yzXryXY9n40QinI9uibNUTiN-rlNngCgqgS2R1LpDQBpiY18yc728vuM”]
එම පූජාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් ද ඒ අතර වුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියේ සැලසුම් හා ලිපිගොනු කාදිනල් හිමිපාණන් වෙත පිළිගැන්වීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුකෙරුණා. නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් රුපියල් ලක්ෂ 504 ක් වැය කරමින් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. නිවාස 15 ක ඉදිකිරීම් ආරම්භ කිරීම ද අද සිදුකෙරුණා.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් හා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේදී ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා. මිය ගිය පිරිස සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීම හා ඉටිපන්දම් දැල්වීම ද සිදුකෙරුණා.
පාස්කු ප්‍රහාරයට මාස 3 ක් සපිරීම වෙනුවෙන් මඩකලපුව සියොන් දේවස්ථානයේ රොෂාන් මගේෂන් ප්‍රධාන පූජකතුමාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වුණා. එම පුජාවට ද විශාල පිරිසක් සහභාගි වී සිටියා.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සිහිපත් කරමින් හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය තුළ විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. සියලු දෙනා එක්ව පැන් වඩා ඔවුන්ට පිං අනුමෝදනා කිරීම මෙහිදී සිදුකෙරුණා. දේව මෙහෙයට සහභාගි වූ කිතුණු බැතිමතුන් වෙනුවෙන් හැටන් ප්‍රදේශයේ සිංහල ජනතාව දානමය පිංකමක් ද පැවැත්වූවා.
අනුරාධපුර රාජාංගනය අංගමුව ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ දෙසීය හැට නමක හා පියතුමන් 11 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පිරිත් පිංකමක් පැවැත්වුණා. මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීම ද සිදුකෙරුණේ පාස්කු ප්‍රහාරයට මාස 3 ක් සපිරීම වෙනුවෙන්.
කල්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පහන් පිංකමක් පැවැත්වුණා. සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති පිංකමට විශාල පිරිසක් එක්ව සිටියා.