දුප්පත්කම රටින් තුරන් කර නවීන ලෝකයට ගැලපෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනුරාධපුර බෝගහවැව ඩී එම් ආරියදාස ගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Mao3UlmS4Lg”]
සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 220 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 27 කින් සමන්විත ඩී එම් ආරියදාස ගම උදා ගම්මානය සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 327 ක්. නිවාස ලාභීන් 27 දෙනා වෙත හිමිකම් පත්‍ර ප්රදානය ද මෙහිදී සිදුකෙරුණා. අඩු ආදායම්ලාභී පවුල් 50 ක් සඳහා විසිරි නිවාස ණය ප්රදානය මෙන්ම වකුගඩු රෝගින් 20 දෙනෙකු වෙනුවෙන් නිවාස ආධාර ලබා දීම ද සිදුකෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 108 දෙනෙකු වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානයක් ද සිදුකෙරුණා.