fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොංහි ආරක්‍ෂාව යළි දැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 16:08

හොංකොංහි ආරක්‍ෂාව යළි දැඩි කෙරේ

හොංකොං පාලනයට එරෙහිව විරෝධතාකරුවන් වීථි බැසීම නිසා එහි ආරක්‍ෂාව යළිත් දැඩිකර තිබෙනවා.

පසුගිය සති කිහිපය මුළුල්ලේම හොංකොං පාලනයට එරෙහිව විවිධාකාරයේ විරෝධතා ඇතිවුණා. යෝජිත උදර්පන නීතියට විරුද්ධවයි මුලින්ම විරෝධතා ඇතිවුණේ. එම විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුල්කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. හොංකොං ඉතිහාසයේ ඇති වූ බරපතලම අර්බුදකාරී තත්ත්වය මෙය ලෙසයි හැඳින්වෙන්නේ. අද ඇති වූ විරෝධතා වැන්චායි ප්‍රදේශය පාදක කර ගනිමින් ඇති වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මින් පෙර පැවති විරෝධතා රාජ්‍ය ආයතන පිහිටි මධ්‍යම ප්‍රදේශවල සිදු වුව ද මෙවර එම ප්‍රදේශවලින් බැහැර වීම විශේෂත්වයක්. හාරදහසක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශවලට පිටත්කර හැර ඇති බවයි හොංකොං පරිපාලනය කියාසිටින්නේ. පසුගිය සති කිහිපයේ ඇති වූ විරෝධතාවලදී පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ඇතුලු 28 දෙනෙකු තුවාල ලැබුවා. හොංකොං දේශය මහජන චීනයේ කොටසක් වුව ද එය පාලනය වන්නේ ස්වාධීන ව්‍යවස්ථාවක් පාදක කර ගනිමින්.

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 16:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්